2014-10-21-sumeda-01
සමුදුර තරණය කරලා මහද්වීපයකින් මහද්වීපයකට යන්න ඕනෙ එකෙක් පොඩි වලක මාළු බාන්න ගත්තම මොකක්ද වෙන්නෙ? මාළු බාන්නාට වගේම ඒ දිහා බලාන ඉන්න එකකුටත් දැනෙන්නෙ එකම විදියෙ හැඟීමක්. සමහර විට බලා සිටින්නාගේ ඔද්දල්ගතිය වැඩි වෙන්න පුළුවන්. මොකද අඩුම තරමේ එකී තැනැත්තා මාළු බෑමේ කාර්යයේවත් යෙදී ඉන්නවා. බලාන ඉන්න එකාට තියෙන්නෙ ගලා එන සිතුවිලි විතරයි. ඒ නිසයි ඔද්දල්ගතිය වැඩි. මමත් හරියට බලාන ඉන්න එකා වගේ. ඩෝසන් තමයි මාළු බාන්නා. ඒක විග්‍රහ කළොත් මේ විදියට, බලාපන් හරිද කියලා. උඹ එක්කෝ විද‍්‍යාඥයකු හරි වෛද්‍යවරයකු හරි අඩුම තරමේ මැකෑනික් කෙනකු හරි වෙන්න ඕනෙ එකෙක්. එහෙම එකෙක් ලේඛයෙක් වුණාම කොහොමද?.
ලේඛනය කියන්නෙ මහා ගන වනාන්තරයක් නම් නුඹ ඉන්නේ ඒ මැද. ඒත් උඹට පැහැදිලි 'කාපට්' පාරවල් කීපයක් තියෙනවා. ඒත් තරුණකමයි ඒ නිසාම නැති තැන්පත්කමයි. (බාහිරව නොවේ ඇතුළාන්තය - ඒ කියන්නේ තාම උඹේ ලේ හොඳටම උණුසුම්. ඒ නිසා සිතුවිලිත් රස්නෙයි. කියවීම තමයි මේ තරමටවත් උඹව අල්ලගෙන ඉන්නෙ) නිසා එක මාර්ගයකවත් තවම බරට අඩි තියන්නවත් දෙපැත්ත ගැන සැලකිල්ලෙන් බලන්නවත් උඹට බෑ. කොහොම වුණත් 'හකාවති' ඒ සියල්ල මැද හිඳිමින් ලේඛකයෙක් වෙන්න ගත්ත අවංක උත්සහයක් කියලයි මම දකින්නෙ.
උඹ දන්නවද? මම ලේඛක කොටස් දෙකක් අත් විඳනවා. එක කොටසක් තමයි මිනිසුන් හා ස්වභාවධර්මය විඳලා ලේඛකයො වෙන පිරිස. අනෙක් කොටස ලේඛයන් වීමේ පරමාර්ථයෙන් මිනිසුන් හා ස්වභාවධර්මය හදාරන කොටස. මගේ ගරුත්වය පළමු කොටසටයි. ඩෝසන්! උඹ ඒ පළමු කොටසේ ඉන්න බවයි මගේ හැඟීම. ඒ හින්දා ඉවසීමෙන් කියවාපන්. හිතාපන්. ලෝකය ඇසුරු කරපන්. ඊට පස්සෙ උඹට පුළුවන් වෙයි හුඟාක්ම සාර්ථක ලේඛකයෙක් විදියට ශ්‍රේෂ්ඨ කෘතියක් බිහි කරන්නට. අවසානයට කියන්න ඕනෙ දෙයක් තමයි මම උඹට අතර මැදදී කිව්වේ. ඒක කියන්න ඉක්මන් වුණේ මම ගරු කරන කොටසට උඹ අයිති නිසා.
කොහොම වුණත් ඩෝසන් උඹේ කෘතිය ගැන කතා කරන්න කරුණු කීපයක්ම මට තියෙනවා. මට වඩා හොඳින් දැනුණ හොඳ ටිකත්, නරක ටිකත් මම ලියනවා. බලාපන් ඒවායින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සර වෙලාම හොඳයි කියල හිතෙන ටික මේ විදියට ගොනු කරන්නම්. උඹ හුඟාක් කියවල තියෙන හැඩයි. විද්‍යාව ඉගෙන ගෙන තියෙන හැඩයි.
(ඩෝසන් ප්‍රිති කියලා පොඩි කවියකට යටින් නුඹේ අමුතු නමේ මතකය හැරුණාම උඹ ලියපු කවියක් ගැනවත් මතකයක් ඇති එකෙක් නොවේ මම. ඒ නිසා උඹ ගැන මම දන්න කිසිම දෙයක් නෑ. ඒත් පොත හරහා මම උඹව දකිනවා. ඒ දැක්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්.)
මේ දෙකේ සංයෝගයක් හැටියටයි නුඹේ හැම කතාවක්ම වගේ එළියට එන්නෙ. උඹ බයිබලයෙ ශෛලිය අල්ලා ගන්න හදනවා. තවත් වරෙක ජාතක කතා සංග්‍රහයෙ නැත්නම් තීරු ලිපියක ශෛලිය. මම හිතන්නෙ ඒක ලේඛකයකුගෙ සමත්කමක්. එය සියලු ශෛලීන් අතරේ බලාපන් උඹේම කියලා ශෛලියකුත් හදාගන්න.
ලේඛකයො තමන්ගේ කෙටි කතා උඩින් හේතුපාඨ ලියලා තියෙනවා. බොහෝ හේතු පාඨ ආගම ධර්මයෙන් උපුටාගත් ඒවා. ඒ අනුව යමින් උඹ පරිවර්තනවල උඹට හිත ඇඳුන කොටස් උපුටා ගන්නවා. එක අතකට ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා. ඒත් මොකටද අපි තවත් තැනකට ඒ තරම් බැඳෙන්නේ. අපි ගරු කරන ආදරය කරන වස්තූන් එක්ක ඕනෑවට වඩා ආත්මික බැඳීම් ඇති කරගත්තොත් ලෝකයට අපෙන් ප්‍රකාශ වෙන්නේ ඒ වස්තූන්වල වටිනාකම මිස අපේ වටිනාකම් නොවෙයි. ගලක අතුල්ලා පිහිතලය මුවහත් කර ගන්න එක හොඳයි. ඒත් වැඩේ ගන්න ඕනෙ පිහිතලෙන් මිස ගලෙන් නොවේ.
(මොනවා වුණත් මම මේ ලියවිල්ල නිදහසේ ලියනවා. උඹ වැඩේට අවංක වූ නිසා මට ඇතිවූ සතුට ඒ නිදහසට හේතුවක් වෙන්න ඇති.)
අනික් කාරණේ විද්‍යාව සාහිත්‍ය කරන්න යන උත්සහයත් නරකම නෑ. හැබැයි පුතෝ එතැන ප්‍රශ්නයක් තියෙනවා. උඹ දන්න ඔය විද්‍යාත්මක වචන දන්නෙ මේ රටේ කීයෙන් කී දෙනාද? විද්‍යාව තියා සිංහලවත් හරි හැටි ඉගැන්වෙන්නෙ නැති මේ රටේ දරුවන්ට බොහෝ වෙලාවට ගණිතය ඉංග්‍රීසි වගේම විද්‍යාවත් ඇලජික්.
(හොඳ ටික ඇතුළෙ අඩුපාඩුත් ලියැවෙනවා. දිගටම එහෙම වෙයි. අවුලක් නෑනෙ) ඒ නිසා උඹේ ඔය ඔලුවෙ තියෙන විද්‍යා බර ටිකක් සැහැල්ලු කරලා විද්‍යා විනෝදය සමඟ ඔය වචන හසුරුවාගන්න උත්සහ දැරුවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ. අඩුම තරමේ මේ වචනවලට ගැටපදයක්වත් එකතු කරන්න උඹට තිබුණා.
(උපහාසයෙන් අපහාසයෙන් කිව්වා නොවෙයි. ඇත්තටම මට නම් ඒවා මහා බරයි)
අනෙක් පැත්තෙන් බැලුවම උඹ එක එක ඉසව් අල්ලන්නත් උත්සහ කරලා තිබුණා. ඒ අතරේ ආදරය, ප්‍රේමය, වෛරය, සංවේදී බව, ලිංගිකත්වය (හරියට ඊව් ලූනා වගේම. ඊව් ලූනා ඇතුළෙ හැම දේම තිබුණා. මමත් ඒ පොතට පණ යන්න ආදරෙයි) දේශපාලනය, අධ්‍යාපනය වගේ හුඟක් දේවල්. සමහර වෙලාවට උඹට නොදැනීම උඹේ පරමාර්ථය උඩු යටිකුරු වෙලා වෙනත් දෙයක් ප්‍රබලව කියැවුණා. සමහරවිට උඹයි මමයි ප්‍රතිවිරුද්ධ සත්තු දෙන්නෙක් හින්දා ඒ දේවල් වෙනම දැනෙනවා ඇති. ඒක හරි ස්වභාවිකයි. මම එහෙම දුටු එක කතාවක් තමයි 'ජයසරණංකර'. හැබැයි පුතෝ මහා ව්ට්‍ටෝරු කතාවක්. මහා ඕලාරිකයි. ඒත් ප්‍රධාන චරිතයේ බිරියගේ භූමිකාවේ එක් පැත්තක් මේ රටේ ගෑණුන්ගෙ ප්‍රධාන ශෝකාලාපයක් කියා දෙනවා. බිරිය ඔහුට කියන්නේ මහ ගෙදරින් ගිය දාට ඔහු ඇති තරම් සතුටු කරන බවයි. උඹ ඒ වාක්‍ය ලිව්වේ අවිඥානිකව කියලා නම් මම කියන්නෙ නෑ. ඒත් කෙටි කතාව ඒ විලාපය ගැන කියලයි මට හිතෙන්නේ. මෙලෝ රහක් නැති ඒ කෙටි කතාව වටේ ශක්තිමත් බැම්මක් බැඳෙන්නේ ඒ හරහා කියලා මට හිතෙනවා. තව ටික කාලයක් යනකොට කතාව ඇතුළෙ ඉස්මතු කරලා ඔප කරලා ගන්න ඕනෙ මැණික ගැන හැඟීම උඹට දැනෙයි.
එක එක කෙටි කතා ගැන වෙන වෙනම ලියන්න මට කාලයක් නෑ. මේ ලියන්නෙත් දාහක් වැඩ මැද්දෙ. ඒ නිසා පොදුවේ ලියන මේ කරුණුවලින් වැඩක් තියේදැයි බලාපන්.
උඹේ වාක්‍ය, වාක්‍ය නොවෙයි හෑලි. අපරාදෙ මගෙ කාලය. සමහර වාක්‍ය තේරුම් ගන්න දෙතුන් සැරේ කියවන්න වුණා. බොහෝ කතාවල ඒ අඩුව නම් ගජරාමෙට තිබුණා. කෙටි වැකි ලියාපන්. හැබැයි උඹේ එක කෙටි කතාවක භාෂාව ඒ කතාවට හොඳින් ගැළපුණා. ඒ තමයි මාරාව. ඒත් ඒකෙ ඒ තරම් ගතයුත්තක් නෑ. පොඩි ලතින් ඇමෙරිකානු ලිංගික නිර්භය රචනාමය ගතියක් තිබුණා. හැබැයි ඉතින් ඊට වඩා හොඳට මේ පරිවර්තන එන්න කලින් සයිමන්ගෙ (සයිමන් නවගත්තේගම) සාපේක්ෂණී වගේ කෘතියක් බොහොම නිර්භයව අපූරුවට ලිංගිකත්වය ගැනත් දේශපාලනය සංස්කෘතිය හා සමාජය ගැනත් කතා කළා. උඹ හැබැයි සයිමන්ගෙ රචනා කලාවට වඩා ගාමිණී වියන්ගොඩ හරහා වූ පරිවර්තන සාරයෙන් ඒ වීරත්වය අරගෙන බවයි මගේ නම් හැඟීම. (ඊවා ලූනාට කලින් මගේ ආදරය දිනුවෙ 'සාපේක්ෂණී' ඒකත් නොකියා බෑ. ආ උඹ මේ පොත පිදුවේ අජිත් තිලකසේනටනේ. ඒක මට මතක් වුණේ දැන්.)
ඒ වුණාට උඹ සුගතපාල ද සිල්වා කියෝලා කියල හිතුණා. 'Online පාංශුකූල' කෙටි කතාවේ ඒ ගතිය තිබුණා.
කොහොම වුණත් ඩෝසන් උඹේ කතාවල ඉන්න මේ චරිත සේරම පෙරළාගෙන උඹ උඩට මතුවෙනවා. ඒ අර ලේවල උණුසුම. විනෝදය කෙටි කතාවේ 'සුගතදාස' ඒ වැඩේ හොඳටම කළ එක චරිතයක්. මේ සියලු ලියැවිලි හා චරිතවලින් ලේඛකයා ද තමන්ව ලියා ගැනීම පුදුමයක් නොවේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒත් ඒක හුඟක් දැනුනොත් ඒක 'මගේ කතාව' වගේ එකක් නෙවා. එහෙම වුණත් කමක් නෑ. හැබැයි හැම කතාවෙන්ම ඒක ඉස්මතු වුණොත් වැඩක් නෑ. (තව ටික කාලයක් යද්දි මගේ කතාව මගේ නොවේ වගේ ලියන්න උඹ පුරුදු වෙයි)
තවත් දෙයක් තියෙනවා. උඹ විද්‍යාවයි කලාවයි ඇතළෙ දෙන සටනම විද්‍යාවයි ආගමයි අතරෙත් දෙනවා. මොකක් නමුත් කතෝලික නැතිනම් ක්‍රිස්තියානි උරුමයක් කොතැනකින් හෝ උඹට ගෑවිල ඇති. එතැන උඹ පොඩි විප්ලවවාදියෙක් වග් හැසිරෙන බව සමහර කෙටි කතාවලින් පේනවා.
විප්ලව කරන්න නම් හොඳ තර්ක බිඳින්නෙක් වෙන්න ඕනෙ. එහෙම වී ඇති බවක් මට ඒ තරම්ම දැනුණෙ නෑ.
සමාජ ක්‍රමය අලුත් කරපු නව තාක්ෂණය සමඟ මිනිසුන් ගැටෙනා අයුරුත් ඉන් පිහිට ලබන අයුරු ගැනත් 'විනෝදය' වගේ කෙටි කතාවකින් කතාබහ කිරීමට උත්සහ දරා තිබෙනවා.
කොහොම වුණත් ඩෝසන් උඹ ව්‍යාකරණ ගැන නම් තව ටිකක් කල්පනාකාරී වෙන්න ඕනෙ. මොකද උඹ ඒ ගැන නොසලකා හැරල කියලා කියන්නත් බෑ. හැම තිස්සෙම සිංහල රීති රකින්න උඹ උත්සහ දරලා තියෙනවා. ඒත් උඹේ සෝදුපත් වැඩේවත් හරියට කෙරිල නෑ. හරියට නොවේ, ඒක කෙරිලම නෑ. න ණ ල ළ නොදැන සිටීම ලේඛකයකු නොවී සිටීමට හේතුවක් නොවේ. ඒත් ඒ ගැන දැන ගත්තම ලේඛනයට හුඟක් හොඳයි. නොදන්න එකක් දන්න එකෙක් ගෙන් ඉගෙන ගනින්. අපි හැමෝම මේ වැඩේට අලුත්. කාටත් වරදිනවා. වැරදි හදා ගන්න නම් මේ වගේ යමක් කරන්න ඕනෙ. නැත්නම් අපි වැරදියි කියලවත් අපි දන්නෙ නෑ.
'සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය' ජාතක කතා භාෂා ශෛලියම අනුකරණය කරලා ලියා තිබෙන බවත් අවසාන මොහොතේ හරි කියන්න ඕනෙ. ඒ වගේ ශෛලියකට දිග වැකි ආවාට මම දොස් කියන්නෙ නෑ. හැබැයි පුතෝ ඒ අදහස් නිරවුල් වෙන්න ඕනෙ.
මිරැන්ඩා වගේ කතාවක දකිනවා පොඩි තිර නාටක ශෛලියක්. සිනමාවම නැතත් කැමරාකරණයක විදියක් ඒකෙ තියෙනවා. මිරැන්ඩා අණ්ඩර දෙමළයක් නොවී තේරුම් ගන්න නම් පොඩි සිනමා රසයක් තියෙන්න ඕනෙ කියලත් මට හිතුණා.
ඩෝසන් මේ ඇති. උඹේ මේ වැඩේ හුඟාක් දේවල් කතා කරවන්න පුළුවන් වැඩක්. හුඟක් පැති ගැන, ඒ කියන්නෙ ආගම, විද්‍යාව, භාෂා ශෛලීන්, ආභාෂයන්, සංස්කෘතිය, දේශපාලනය, ලිංගිකත්වය වගේ හුඟක් දේවල්. ආ.... උඹට පොඩි නිර්භීතකමකුත් තියෙනවා. රස්නය ඇති ලේ පොඩි පොඩි දේශපාලන ටොකු ටිකක් අනිනවා.
ඉතින් ආයුබෝවන්. අපි හැමෝම වැරදි හදාගෙන ඉදිරියට ම යමු. උඹට ජය.
මම සුමේධා නවරත්න
වචන ටැක්සියේ පළ වන ලිපි ලේඛනවලට අදාල හෝ අදාල නොවන තැනින් තැනින් උපුටා ගත් දේවල් මෙහි අසුරා ඇත.
Tuesday, October 28, 2014
විශේෂ විචාර ඇගයීම් 2: මංජුල වෙඩිවර්ධන
ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම.
ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන‘අර’ පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය. ‘‘කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?’’ කුළුණ හිතන්නේ ය. කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්? ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි. ‘‘රාජකීය ඉන්ජිනේරු බලකාය’’ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘බ්‍රිටිෂ් - සිලොන්’’ ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘කොළඹ - නුවර’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි. අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහුකැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළයුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.
කැප්ටන් ඩෝසන් හදිසියේ මිය ගියේ කෙසේද? නයෙක් ගැසීමෙන්ද? බොහෝ දුරට උත්තරය, ‘‘ඔව්’’. ඔහු කොළඹ රැගෙන ආයේ නයි විස සමඟින්ද? එසේනම් ඔහු මිය ගියේ නයි විස සමගන්ද?
උත්තරය........?
කෙසේ හෝ අවසානයේ ඩෝසන් පුන්රුප්පත්තිය ලබා තිබේ. ඩෝසන් ප්‍රීති නමිනි.‘රෝහණයේ’ උපන් පුතෙකුට ඩෝසන් යනුවෙන් නම් තබන්නට තාත්තකුට හිතෙන්නේ ඉන්ජිනේරුකම මිටින් අරන් උපන් නිසා නොවේද? ඔහු අලුත් පාරක් හදන්නට මුල් වන බව දැනුණු නිසා නොවේද? නොඑසේ නම් ප්‍රීතීන්ගේ තාත්තා වහාම ඔහු ඩෝසන් යනුවෙන් නම් කළේ ඇයි? ඒ ඔහුගේ අනාගතය ගැන දැන සිටි බැවින් මිස අන් කවර හේතුවක් නිසාද? නමුත් මේ උතුම් තාත්තා නොදැන සිටි ‘‘එක් සුවිශේෂ දෙයක්’’තිබේ. ඒ ඔහු පුනුරුප්පත්තිය ලැබුවේ අර නයි විසද සමගින් බව ය. ඔහු තුළ නයි විස වූ බව කෙමෙන් පිටතට පෙනෙන්නට වූයේ ඔහු භාෂාව හරහා සමාජයට දෂ්ඨ කරන්නට වූ විටයි. මෙය මෙතෙක් කාටවත් කියවා ගත නොහැකි වුවාට මා මක් කරන්නද? මට එය ඔප්පු කළ හැකිය. ගන්න ඔහුගේ පළමු කවි පොත අතට. මොකද්ද නම? ‘‘මුචලින්ද තාප්පය’’. දැන් හරිද?
නමුත් මේ නයි විසෙන් මියගිය ඉන්ජිනේරුවා, නයි විස සමඟින්ම යළි උපතලබා ඇති බව අපට හරියටම දැනේනනේ ‘‘ඔහු තම විස කැවු බස’’ අප හදවතට මුදා හැරිය නිෂ්චිතම නිමේෂය වන ‘‘හකාවති’’හරහා බව මම ඔබට පවසමි.
මා එසේ කියන්නේ ඇයිදැයි මා පැහැදිය යුතු ය. සාධනය කර පෙන්විය යුතු ය. නොඑසේ නම් එය ප්‍රලාප ගනයට වැටේ. එවන් නන් දොඩවන්නෙකු දක්වා පිරිහෙළනු ලැබීමට මම නොකැමැත්තෙමි. ප්‍රලාප ඇදබා මිත්‍රද්‍රෝහියකු වීම නොමනා ය. තරම් නොවේ.
මා එසේ කියන්නේ ඇයිදැයි මා පැහැදිය යුතු ය. සාධනය කර පෙන්විය යුතු ය. නොඑසේ නම් එය ප්‍රලාප ගනයට වැටේ. එවන් නන් දොඩවන්නෙකු දක්වා පිරිහෙළනු ලැබීමට මම නොකැමැත්තෙමි. ප්‍රලාප ඇදබා මිත්‍රද්‍රෝහියකු වීම නොමනා ය. තරම් නොවේ.
ඩෝසන්ගේ ප්‍රකටම කෙටිකතාව ලෙස මේතාක් සියල්ලන්ම සංවාදයට නතු කර ඇති‘‘මිරැන්ඩා’’ ඇරඹෙන්නේ මෙලෙසිනි. පළමු ඡේදය ය.
‘‘රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්...සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිසඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය.රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.’’
‘‘රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්...සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිසඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය.රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.’’
නිශ්ශංක දකිමින් සිටි සිහිනයේ රතු-කොළ කොරහැඩි දිළෙන සර්පයා ඇතුළු වන්නේ සඳලතාගේ කලවා අතරින් මිස මිරැන්ඩාගේ විප්ලවීය රතුපාට විප්ලවීය කලවා අතරින් නොවේ. එය එසේ වී නම් එළැඹෙන මොහොතේ මරණ දෙකක් සිදුවන්නේ නැත. සඳලතා ගැබ සැහැල්ලු කර ගන්නා මොහොතේදී එළියට ඒමට නියමිතව ඇති දෙදෙනෙක් මිරැන්ඩා තුළ සිටිති. එකකු දැරුවා ය. දෙවැන්නා නිල්-කොළ ලප සහිත සරුපයා ය. දෙනොම එළියට නෑවිත් ඇතැයි අපට හැඟේ. ඒත් සරුපයා? සඳලතාත්, නිශ්ශංකත්, දරුවාත් ලෝකයෙන් තොලොංජි වුවද නිල් - කොළ ලප සහිත, රන්වන් කොරපොතු ඇති සර්පයාත්, විප්ලවීය මිරැන්ඩාත් තවමත් හිඳී. මේ නම් කදිම කතාවක කදිම අවශේෂයකි. විෂ සහිත අවසානයකි. ඩෝසන්ගේ සර්ප විෂ ය.
සමස්ථ කෘතිය පුරා සාවධානව හිඳන්නේ මෙකී උගුරු කාරක චමත්කාරයයි. රමනීය වන්නේ ‘‘වමනීය’’ වේදනාවයි. ඩෝසන් භාෂාමය කැටපත අල්ලන්නේ සමාජය වෙත යි. අප වෙත ප්‍රක්ෂේපණය වන්නේ සමාජමය යථාවයි. සමාජය කෘෘර වූවාට ඩෝසන් මක්කරන්නද? සමාජය පාදඩ වූවාට සාහිත්‍යකරුවා මක්කරන්නද? කාලකන්නභාවය ලඹ දෙන අවාකාශයක, එය, කෘතියකින් නිරූපනය වන්නේ නම් කෘතිය දැමිය හැක්කේ කවර ගොඩට ද? පැහැදිලි ය. ඩෝසන් ප්‍රීති ස්වකීය කෙටිකතා සමුච්චය හරහා සහෘදභාවය රිදවා ඇත. එකී හදවත් පාරා ඇත. එසේ සිදුකළ ලියන්නා ඈතක හිඳ අපට හිනාවෙමින් සිටී. අපට දැනෙන්නේ මාරාන්තික රිදවීමකි. ඒ මාරාන්තිකභාවයේ භාෂාත්මක වික්‍රමය සුවිශේෂි ලෙස පැන නඟින්නෙ ‘‘මාරාව’’හරහා ය. කතා නම් මෙහෙමය කියන්නාක් මෙනි. එකිනෙකට සම්බන්ද දේවල්එකිනෙකට වෙනස් උපැහැරණ ඔස්සේ අපට කියවන්නට සැලැස්වීම මාරාව කතාවේ තියෙන මාරාන්තික ශිල්ප දැක්විම ය.
‘‘කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපු වේගෙට. පයට පෑගුණු මඩ තල්ලි චිරි චිරි ගාලා ලෙස්සලා යැව්වා කකුල් දෙක පැද්දිලා දෙන්නට දෙන්න ආදාරකර ගෙන සමබර වුනා දුවද්දිම. පේමක්කා හීතලට හීතලවෙලා හිටියේ මට අතේ එතිච්ච මොහොතට දැනුණා අයිස්පලමක් වගේ හංදියේ කඬේ ශීත පෙට්ටියේ ඇසිරිච්ච. අඳුර ගලා ගෙන එන්නේ කුණාටුවක් වගේ ඉහ ඉද්දරින්’’
ඩෝසන්ගේ සමස්ත කතා කලාව පැන නැඟෙන්නේ ෆන්තාසුසීය (Phanthasus)පදනමකින් යැයි මම කියමි. ඔහු මායාමය සහ මිත්‍යාමය සිහින මවන්නකු වන්නේ ය. එසේ නමුත් වෛරීය දෑ කතා අධ්‍යාත්මය තුළ රෝපනය නොකරයි. නමුත් ඩෝසන්ගේ කතා කලාව ස්ථාපිත වන්නේ ඉකෙලොසීය ( Ikelos)සන්ධර්භයක යැයි මම පවසමි. ඔහු සිහිනයන්ගෙන් නිමවන්නේ සත්‍යයයි. ඒ සිහින තාත්වික වන්නේ වෙයි. එබැවින්ම යථාව නිරූපනය කරන්නේ වෙයි. යථාව ඥානනය කරන්නේ වෙයි. මේ අනුව ඩෝසන් සිහින පිහිටුවනුයේ ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයට ප්‍රතිපක්ෂව බව මම පවසමි. සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමකැයි ෆ්‍රොයිඩියානු අවකාශයේ විග්‍රහවෙතත්, මේ සිහින, ඒ සිහිනයන්ගෙන් වෙන්වන්නේ මේවා සිහින ආකෘතිය තුළ නිමවනා නිර්මාණකරුවකු සිටිනා බැවිනි. එබැවින් මේ නිර්මාණ සමුච්චය තුළ ප්‍රාර්ථනාවන් නැත. ඩෝසන් කැටපත අල්ලා පෙන්වනා ලංකාවේ සැබෑවටම පවතිනා මෙ බඳු ම්ලේච්ඡකර අවකාශයක් පතන්නේ එකී ගන්දස්සාරයම පැවැත්ම කරගත් මුග්ධ ධනේෂ්වරයේ දේශපාලක කූඨකයන් විනා නිර්මාණකරුවන් නොවේ.
කෙසේ හෝ කතා 13ක් එකම විග්‍රහයක තැබිය හැක්කේ කලාතුරකිනි. ඒ ‘කලාතුර’ඩෝසන් අපට නිමවා දී ඇත. බොහෝ විට ඔහු ‘කතාවෙහි වන සත්‍ය’ නිමවන සිහිනය අරඹන්නේ ම එකී සිහිනයට බැරල් බෝම්බයක් හෙලා එය කුඩුපට්ටම් කරලන වැකියකිනි. ඡේදයකිනි. මෙබඳු ය.
‘‘මට කවි පැටියෙක් හදා ගන්න ඕන! ’
සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය පටන් ගන්නේ එහෙම ය. ඊළඟට..........? ඊළඟට මෙහෙම ය.
‘‘කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වන රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ’’
බීට් රූට් ලේ හිදී සිද්ධ වන්නේ කුමක්ද? එය පටන් ගන්නේ මෙන්න මෙහෙම ය.
‘‘ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප‍්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය.’’
ඊළඟට........?
‘‘දිගින් දිගටම සිහින තුළ සහ අන්තර් සිහිනමය ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප‍්‍රක්ෂේපණය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය.’’
කතා එකින් එක මෙසේ පෙන්වා දීමට හැකි ය. කුමටද? මා මෙහිදී ඔහුගේ නිර්මාණ අරභයා මතු කරන ප්‍රවාදය සාක්ෂාත් කරලීමට ඔහුම නිදසුන් සපයා දී ඇත. ඩෝසන් වනාහී අන්තිම හිතුවක්කාරයෙකි. ඉවසුම් විරහිත මිනිසෙකි. ඉදින් අප මේ කුමක් කීවද ඔහු තමන්ගේ නිර්මාණ කෙරෙහි වන නීති රීති පද්ධතියක් තෙමේම නිමවන්නේ යැයි හඬගා කියයි. දැන් ඉතින් කට උත්තර නැත. බලන්න. ! මහා ජල පාතනය.
ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.
භාෂාවේ තර්ක ශාස්ත‍්‍රය ඉපදෙමින් සිටි සමයයි.
මේ අන් යුගයක් නොවේ. ඉක්ම යන මොහොතයි. ඔහු කොට්ට උරයක් සේ කනපිට ගසා පෙන්නවන යථාව ඥානනය කළ යුතු මේ නිමේෂයයි. මේ සියලුම කෙටි කතා ලෙනිනියානු ප්‍රවේශයකින් විග්‍රහ කළ හැකි වනුයේ එබැවිනි.
අවසානායේ මම මෙසේ කියමි. ඒත් හකාවති ගැන ය. හකාවති යනු අරාබි වචනයකි. දැන් ඒ වචනය සිංහලයට එකතු වී ඇත. එය සිංහලෙන් මකා දැමිය නොහැකි ලෙස ය. එය එකතු කරන ලද්දේ ඩෝසන් විසිනි. වචන නාස්ති කරනා භාෂාප්‍රේමින් සිටින අවකාශයක අලුත් වචනයක හෝ සම්ප්‍රදානයක් සහිතව සාහිත්‍යට එකතු වීම ම වැදගත් වැඩකි. ඩෝසන් එය සිදු කර ඇත. ඔහු අලුත් පාරක් හදන්නට මඟ එළි පෙහෙලි කර ඇත. ඔහු ව්‍යාජ විචාරක‘‘සර්පයන්ගේ’’ දෂ්ඨ කිරීම් වලින් ප්‍රවේශම් වී සාහිත්‍යයිකව මිය නොයන්නේ නම් ඒ පාර තැනෙනවා නියත ය.
මංජුල වෙඩිවර්ධන
2014 ඔක්තෝබර් 25.
විශේෂ විචාර ඇගයීම් 1: හෂිත අබේවර්ධන
හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!
සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-
හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කී දෑ ය. ඇය කවර හෝ කෘතියක 'භාෂාවේ' කොන් ඉලිප්පී තිබෙනු දැකීමට අකමැත්තීය. 'හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි' මම එහි කමෙන්ට් කළෙමි.
වෛද්‍ය ෆ්‍රොයිඩ්ගෙන් ඉහත උපුටා ඇති වැකිය කෙටිකතාවක් කියවා ගැනීම පිණිස පිවිසුමක් සපයයි. හකාවති කෙටිකතා කුඩා දවල් සිහින වැනිය. සමහරක් සංගීතය සහිත භ්‍රාන්තික සිහිනයන් ය. සමහරක් සංගීතය රහිත භ්‍රාන්තීන් ය. සිහින ප්‍රක්ෂේපණය වන ෆැන්ටසි තිරය මතට ප්‍රබල ප්‍රොජෙක්ටර් ආලෝකයක් එල්ල කළ විට පමණක් එබඳු සෙවණැලි භ්‍රාන්තීන් දැකිය හැකිය.
අජිත් තිලකසේන සිය කෙටිකතා මගින් ලංකාව නම් මනෝ දූපතේ වාසය කරන සත්ත්වයාගේ ද පුද්ගලයාගේද මනෝභාවය වෙත සිය ප්‍රොජෙක්ටර් එළි ධාරාව මුල් වරට විහිදුවා ලූ පසු ආපසු ගමනක් නැති විය. ඔහු අතින් සිදු කෙරුණේ පසු යටත්විජිතයක මිනිස් සබඳතා විශ්ලේෂණීයව කියවා ගැනීමට අවශ්‍ය ඛන්ඩණීය මැදිහත් වීමයි. ඉන්පසු තිරය මත වූ අංශු පමණක් නොව තිරය ඉදිරිපස හා පසුපස පාවෙමින් තිබෙන අංශූන් පවා පෙනෙන්නට විය.
ෆැන්ටසි තිරයට අරක්ගත් එහි මෝස්තරය වන සළාවැටුමක් වෙයි. පවුල නම් එම සළාවැටුම් මෝටිෆ් එක [මාතිකාව]තිරයෙන් එළියට නොඉල්පෙයි හෝ පසුපසට එබී නොයයි. මේ කුඩා සළාවැටුම් රාශිය වෙත වෙනත් තරංග ආයාමයකින් යුත් එළිදහරක් එල්ල කිරීමට 1982 තෙක් කාලය ගත යුතුව තිබිණි. 'සර්පයෙකු හා සටන් වැද' [කේ කේ සමන් කුමාර] කෙටිකතා සංග්‍රහය උපදින්නේ එම සළාවැටුම් පමණක් බිම්බායමාන කෙරෙන කතා එකතුවක් ලෙසිනි. සර්පයා සිය කෙටිකතා පොත පුරා කරන්නේ පවුල නම් කුඩා සිපිරි ගෙය චිත්‍රණය කිරිමයි. බෞද්ධ ප්‍රඥාමාර්ග සාහිත්‍යය යනුම මේ සිපිරි ගෙය හා එහි කැණිමඬල විදාරණය කිරීමයි. සර්පයා සයිමන් හා ජයසේන ජයකොඩි ගෙන් ප්‍රඥා මාර්ගය තවමත් සොයමින් සිටින්නේ නම් ඒ දැඩි මුළාවකි. 'කුටුම්භ විශ්ලේෂණය' නම් විෂයය තවමත් ඉපිද නැත. එහි විවිධ පැතිකඩ තාක්ෂණයන්ට සීමා වී වියුක්තව තැන තැන විසිර පවතී. තමන් වයස 18දී ලියූ මේ කතා ගොන්න කොන්ටම් ඔපරේටරයක් කර ගැනීමට සමත් වීමෙන් පමණක් සර්පයාගේ චතුෂ්කෝටිකය විසඳා ගත හැකි වෙනු ඇත.
සිංහල කෙටිකතා සාහිත්‍යය එහි තෙවෙනි විශ්ලේෂණාත්මක පිම්ම පනින්නේ ඩෝසන් ප්‍රීති ගේ ‘හකාවති’ නිසා යැයි කීමට මම ප්‍රගල්භ වෙමි. [එයින් සංස්ලේෂණීය වින්දනාත්මක කෙටිකතා අවැඩදායි යයි ගම්‍ය නොවෙන බව සැළකිය යුතුය]. මිරැන්ඩා හි 'මිරැන්ඩා' හා 'සඳලතා' නම් ශ්‍රෝඩිංගර් බැළලියන් දෙදෙන සිංහල කෙටිකතාවට කැඳවා ඒම ම ඒ සඳහා ප්‍රමාණවත්ය. සඳලතා මියගියා නම් මිරැන්ඩා ජීවත් වුනාද? නැතහොත් සිදුවුනේ එහි අනෙක් පැත්තද? මේ 'ඉමැජිනරි පැරඩොක්සයේ' එක් පද්ධතියක් නැවතී අනෙක පටන් ගන්නා තැන අතර සම්බන්ධය [අති පිහිතය] ප්‍රශ්න කිරීම ම දේශපාලනික අභියෝගයකි. බී 5 පිටු පහකින් මේ න්‍යායික අභියෝගය සූත්‍ර ගත කිරීම ෆැන්ටසි තිරයේ ප්‍රක්ෂේපණයන් කෙළ පැමිණි කෙනෙකු අතින් පමණක් සිදුවිය හැකිය.
සුජාත පුත්‍රයින්ගේ වස්තුවේ යතාර්ථය වංගුවක් ගසන්නේ කාලයේ නැමීමක් ලෙස අවකාශය ද අවකාශයේ නැමීමක් ලෙස කාලය ද පවත්නා ලෙස උපකල්පනය කරවන 'පුරෝකථනය කළ නොහැකි' අවස්ථා ගණනාවකිනි. එහි ඇත්තේ සසම්භාවී අවකාශයක් පමණකි. කියවන්නා සවිඥානක වන්නේ එහි අන්ත ඵලයට පමණි එය 'හකාවති ගේ' උප්පරවැට්ටියකි. කතාවේ හරය වන්නේ ග්‍රහණය කරගත නොහැකි සිදුවීම් අවකාශයයි. කතාකරු 'ඩබල් ස්ලිට් [ද්විත්ව විවර]' පරීක්ෂණයේ මෙන් අපට පෙන්නන කොටස නිසා නොපෙනෙන කොටස උපකල්පනය කර ගැනීමට අවකාශ සලසයි. 'ආලෝකය අංශුමය නොවේ නම් මොන රෙද්දක් දැ' යි ඇසිය නොහැකි බව සුජාත පුත්‍රයාගේ මරණය සිහිකැඳවයි.
රෝලන්ඩ් බාර්ත මහතා වියමන් වර්ග දෙකක් ගැන විමසයි. ඔහු රීඩර්ලි ටෙක්ස්ට් හා රයිටර්ලි ටෙක්ස්ට් යනුවෙන් බෙදන වියමන් වර්ග දෙක හකාවති සුගතදාස මහතා ගේ ජීවන වෘතාන්තය හා විනෝදාත්මකව පාහයි. කියවන්නිය අභියෝගයට ලක් නොකරන සුගතදාස මහතාගේ වෙබ් සාහිත්‍ය නොහොත් හෝද හෝදා මඩේ දැමීම නොහොත් අනවරත ස්වයං මෛථූනය -සුරතාන්තය මෙහි පරමාර්ථ නොවේ- නම් රීඩර්ලි ටෙක්ස්ට් එක විනිවිද දැකීමට උවමනා එක්ස් කිරණ ප්‍රහාරය 'විනෝදය' කෙටි කතාව විසින් කියවන්නිය වෙත ලබා දෙයි. විනෝදය රයිටර්ලි ටෙක්ස්ට් එකක් වන්නේ මේ විනිවිද යාම සංජානනය කර ගැනීම විසිනි. එම විනිවිද යාමෙන් අත්පත් වෙන 'දිව්‍ය සැපත' විනෝදයට වඩා පරමාර්ථ ය ට ආසන්න වෙයි.
2009 ඔක්තෝබරය වෙන විට ‘ලේ’ යනු ඉතා සුලබ හා ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය කොමෝඩිටියකි. සැපයුම ඉල්ලුම ඉක්මවා යාම ද එකවිටම සිදු වීම පල්ලමකට චූ කළ කුඩාවුන් දෙදෙනෙකුගේ චූ ගැලීමේ වේග තරඟයක් මෙන් විය. ලේ බීට් රූට් වතුර තරම් තුනී විය, චූ තරම අතිරික්ත විය. නිරීක්ෂකයා කතාවේ අග වෙන විට නැවතත් යතාර්ථය හා පැරඩොක්සිකව සම්මුඛ වෙයි.අර්බුදයට ගොස් ඇත්තේ යතාර්ථය නොව නිරීක්ෂකයා බව නිරීක්ෂකයාට ඒත්තු නොයන්නේ බොරැල්ලේ දාස ගොඩනැගිල්ල පාඩු ලබන බිල්ඩිමක් බව එය ඉදිකරන මොහොතේම තෙරුම් නොගත් මුදලාලි ට සිදුවූ අයුරිනි.
මේ අයුරින් හකාවති කියවා ගැනීම පහසු-අපහසු ක්‍රියාවක් වන්නේ එහි මතු පෙළ කියවා ගත හැකි නමුත් යටි පෙළ කවර වූ හෝ විශ්ලේෂණීය න්‍යායක් හා බැඳි ඇති බව සංජානනය කළ පසුවයි. හකාවති බ්ලොග් අඩවිය ලංකාවේ මුල්ම කෙටිකතා බ්ලොග් අඩවිය විය. 100% බ්ලොග් කෙටිකතා මුල්වරට පොතක් වූයේ හකාවති ගෙනි. ගැඹුරු කියවන්නන් අන්තර්ජාලයෙන් ඈත ඉන්නා නමුත් ගැඹුරු ලියන්නන් අන්තර්ජාලයෙන් ඇරඹිය හැකි බව හකාවතිගේ දෘශ්‍යමාන උදාහරණයයි.
හකාවති ට දැන් බකන්නිලා සිටිය නොහැකිය. ඊළඟ පියවර තැබිය යුතුය.
හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි !
හෂිත අබේවර්ධන
තුන්වන ස්ථානය: හිමාලි එන් ලියනගේ
ඊ.ඒ. ඩෝසන් ප්‍රීතී ගේ 'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පමිණ, තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන් ප්‍රීතී රචකයාත් , මේ ලෝකයට පිටතදී ඇසු දුටු චරිත සේ මවා පා, ඒවා මේ ලෝකයේ දී අසන්නට දකිනට ලැබෙන චරිත හා ගළපා ගන්නට ඉඩ දී අපව නොමඟ යවයි.
ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්‍රීතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්න්ට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති, ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි. හකාවතියේ ජනප්‍රියම කථාව 'මිරැන්ඩා' වන්නේ ඇයි දැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරන්ඩා නිමවා ඇති සිනමාරූපි ගතිය මගින් ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා ඒ වූවා ද, නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විළාසය කියවන්නා අවුස්සනේ දැයි මම නොදනිමි.
හකාවතී, කතා එකතුවේ සියළුම කතා පිළිබඳව මා තුළ බොහෝ දුරට ඇත්තේ සමාන හැඟීමකි. ඒ කතා සියල්ලම එකක් අනෙක පරදවන තරමේ ප්‍රබල හෝ දුබල ලක්ෂණ නැති ඒවා ලෙස මා දකිනා නමුත්, හැම කතාවක්ම එකිනෙකින් වෙනස් වූ ඒවා මිසක නැවත නැවත එකම දේ කියා පඨකයාව පීඩාවට පත් කරවන ගතියක් ඒවායේ නැත. ඩෝසන් ප්‍රීතී මරණයත්, විද්‍යාවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත් ඔහුගේ අනෙක් නිර්මාණ නොවිඳ නිගමනයකට එළඹීම නිවැරදි නොවේ. සමහර විටෙක මේ කථා එකතුවේ ඔහුගේ කථා සැරසවීමේ උපාංගය විද්‍යාව වූවා විය හැක. මරණය කොහොමටත් කොතැනත් නොවැළක්විය හැකි කාරණාවකි.
යම් දුරකට අසාර්ථක කථාවක් ලෙස 'විනෝදය' මා දිකින්නේ තනිකරම රචකයා විසින් 'ප.ලි.' කොටස නිසාවෙනි. ඒ කිරි කළයක් දොවා ගොම බින්දුවක් දැම්මා සේය. ඩෝසන් ප්‍රීති එවැන්නක් කරන්නට ඇත්තේ ඒ කථාවේ එන ‘සුගතදාස’ නම් චරිතය අහවල් පුද්ගළයා වේ යැයි සමාජය විසින් තීරණය කිරීම නවත්වීමට විය යුතු යැයි මට හැඟේ. නමුත් ඒ බේරා ගැනීම පහලින් නොලියා කථාව තුළම ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඔහු අතින් මඟ හැරීම අපරාදයකි. නො එසේ නම් අමුතුවෙන් තේරුම් කරන්නට නොගොස්, කියවන්නාට රිසි ලෙස අර්ථය පහදාගන්න ඉඩ දෙන්නට තිබුණේ යැයි මට හැඟේ. ලේඛකයෙක් පිළිබඳ තවත් කෙනෙකු තුළ ඇති ඉරිසියා සහගත මානසික භාවය සහ අවිචාරක හැඟීම කියවන්නට දැනෙන ලෙස ලියා ඇති ඒ කථාව පාද සටහනක් නොයොදා සම්පූර්ණ කළ යුතු වූ එකකි.
නමුත් 'ඔන්ලයින් පාංශකූල' කථාවේ එන සටහන් දැමීම, ඉතා ඵලදායි ලෙස කථාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් වන අතර ඒ අපූරු සැලැස්ම සිත් ගන්නා සුළු එකකි. කථාවක් ලියන්නට නියමිත නිතී රිතී නැති කාලයක, ඩෝසන් ප්‍රීති, ශිල්පය එලෙස අත්හදා බැලීම පැසැසුමට ලක් කළ යුතුය.
හකාවතී තනිකරම, සමාජය පිළිබඳ සෝදිසියෙන් සිටිනා පාඨකයින් වෙනුවෙන් එවැනිම රචකයෙකු අතින් ලියැවුණ කතා එකතුවකි. ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙන ජීවත් වෙන, කිසි දිනෙක තරුවක් කඩා වැටෙණු නොදකින, වැහි බිඳුවක හැඩය නොදන්නා තරුණ පරපුරක් බිහි වී ඇතැයි ගතු කීව ද, එසේ ඇබ්බහි වීමට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ වැඩිහිටි පරපුර අපි වන්නෙමු. අපට ම අප සොයා ගත නොහැකි ලෙස තැන තැන අතරමං වී ඇති අප, ස්වභාවික උවමනාවන්, ඒවා පිරිමහන්නයි ඉල්ලා කෑ ගසද්දී, ගහල ගාලකට මුවාවී, සරණංකර පාරට හෝ අන්තර්ජාලයට ගොඩ වැදී හෝ ඒවා නිදහස් කරන්නට හැකි නම් එසේ කරණා ස්වභාවික සත්තු කොට්ටාශයක් බව හකාවති කථාවල අවංකව කියැවේ.
මානුෂික හැඟිම් සහ සම්බන්ධතා හුදෙක් ප්‍රදර්ශනය පිණිස ම හැඩ ගසා, බොන්සායි පැල සේ හීලෑ කිරීමක නිරත වන, නිතර අනෙකා දෙස පූර්ව වීශ්වයකට එළඹී සිටිය යුතු යැයි බියෙන් පසු වෙන සමජායකට ඩෝසන් ප්‍රීතිගේ හකාවතී කතා වලින් උගෙන ගත හැකි දේ බොහෝය.
ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්‍රීතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්න්ට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති, ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි. හකාවතියේ ජනප්‍රියම කථාව 'මිරැන්ඩා' වන්නේ ඇයි දැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරන්ඩා නිමවා ඇති සිනමාරූපි ගතිය මගින් ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා ඒ වූවා ද, නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විළාසය කියවන්නා අවුස්සනේ දැයි මම නොදනිමි.
හකාවතී, කතා එකතුවේ සියළුම කතා පිළිබඳව මා තුළ බොහෝ දුරට ඇත්තේ සමාන හැඟීමකි. ඒ කතා සියල්ලම එකක් අනෙක පරදවන තරමේ ප්‍රබල හෝ දුබල ලක්ෂණ නැති ඒවා ලෙස මා දකිනා නමුත්, හැම කතාවක්ම එකිනෙකින් වෙනස් වූ ඒවා මිසක නැවත නැවත එකම දේ කියා පඨකයාව පීඩාවට පත් කරවන ගතියක් ඒවායේ නැත. ඩෝසන් ප්‍රීතී මරණයත්, විද්‍යාවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත් ඔහුගේ අනෙක් නිර්මාණ නොවිඳ නිගමනයකට එළඹීම නිවැරදි නොවේ. සමහර විටෙක මේ කථා එකතුවේ ඔහුගේ කථා සැරසවීමේ උපාංගය විද්‍යාව වූවා විය හැක. මරණය කොහොමටත් කොතැනත් නොවැළක්විය හැකි කාරණාවකි.
යම් දුරකට අසාර්ථක කථාවක් ලෙස 'විනෝදය' මා දිකින්නේ තනිකරම රචකයා විසින් 'ප.ලි.' කොටස නිසාවෙනි. ඒ කිරි කළයක් දොවා ගොම බින්දුවක් දැම්මා සේය. ඩෝසන් ප්‍රීති එවැන්නක් කරන්නට ඇත්තේ ඒ කථාවේ එන ‘සුගතදාස’ නම් චරිතය අහවල් පුද්ගළයා වේ යැයි සමාජය විසින් තීරණය කිරීම නවත්වීමට විය යුතු යැයි මට හැඟේ. නමුත් ඒ බේරා ගැනීම පහලින් නොලියා කථාව තුළම ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඔහු අතින් මඟ හැරීම අපරාදයකි. නො එසේ නම් අමුතුවෙන් තේරුම් කරන්නට නොගොස්, කියවන්නාට රිසි ලෙස අර්ථය පහදාගන්න ඉඩ දෙන්නට තිබුණේ යැයි මට හැඟේ. ලේඛකයෙක් පිළිබඳ තවත් කෙනෙකු තුළ ඇති ඉරිසියා සහගත මානසික භාවය සහ අවිචාරක හැඟීම කියවන්නට දැනෙන ලෙස ලියා ඇති ඒ කථාව පාද සටහනක් නොයොදා සම්පූර්ණ කළ යුතු වූ එකකි.
නමුත් 'ඔන්ලයින් පාංශකූල' කථාවේ එන සටහන් දැමීම, ඉතා ඵලදායි ලෙස කථාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් වන අතර ඒ අපූරු සැලැස්ම සිත් ගන්නා සුළු එකකි. කථාවක් ලියන්නට නියමිත නිතී රිතී නැති කාලයක, ඩෝසන් ප්‍රීති, ශිල්පය එලෙස අත්හදා බැලීම පැසැසුමට ලක් කළ යුතුය.
හකාවතී තනිකරම, සමාජය පිළිබඳ සෝදිසියෙන් සිටිනා පාඨකයින් වෙනුවෙන් එවැනිම රචකයෙකු අතින් ලියැවුණ කතා එකතුවකි. ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙන ජීවත් වෙන, කිසි දිනෙක තරුවක් කඩා වැටෙණු නොදකින, වැහි බිඳුවක හැඩය නොදන්නා තරුණ පරපුරක් බිහි වී ඇතැයි ගතු කීව ද, එසේ ඇබ්බහි වීමට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ වැඩිහිටි පරපුර අපි වන්නෙමු. අපට ම අප සොයා ගත නොහැකි ලෙස තැන තැන අතරමං වී ඇති අප, ස්වභාවික උවමනාවන්, ඒවා පිරිමහන්නයි ඉල්ලා කෑ ගසද්දී, ගහල ගාලකට මුවාවී, සරණංකර පාරට හෝ අන්තර්ජාලයට ගොඩ වැදී හෝ ඒවා නිදහස් කරන්නට හැකි නම් එසේ කරණා ස්වභාවික සත්තු කොට්ටාශයක් බව හකාවති කථාවල අවංකව කියැවේ.
මානුෂික හැඟිම් සහ සම්බන්ධතා හුදෙක් ප්‍රදර්ශනය පිණිස ම හැඩ ගසා, බොන්සායි පැල සේ හීලෑ කිරීමක නිරත වන, නිතර අනෙකා දෙස පූර්ව වීශ්වයකට එළඹී සිටිය යුතු යැයි බියෙන් පසු වෙන සමජායකට ඩෝසන් ප්‍රීතිගේ හකාවතී කතා වලින් උගෙන ගත හැකි දේ බොහෝය.
Subscribe to:
Posts (Atom)