Sunday, January 29, 2012

සඳුන් සිහින මණ්ඩපයේ



සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි//

නිවි නිවි දැල්වෙන රිදී පහන් වැට//
අඳුර සමග ගැවසේ...
එලිය සෙමෙන් මියැදේ

සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි//

හංස නෙතක රැඳී කඳුලක් ගිලිහේ//
හංස විලම කැළතේ//

හංස විලම කැළතේ...


ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ "හංස විලක්" සිනමා පටයෙන් නන්දා මාලිනී ගායනා කළ ගීතයක්...