Saturday, October 22, 2011

(වික්ටර් රත්නායක)

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැලේ

ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ//

(එම් එස් ප්‍රනාන්දු)

බමරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි ඈ වෙලී රැඟූවේ//
සඳවත පරයන පුංචි කැකුළු මල එනු බොමු ජය පානේ

(එච් ආර් ජෝතිපාල)

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ ආදරේ ආදරේ

අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ හඳ පායාපන්නේ
නුරා රැඟුම් ලොල් හදවත් සසළයි ආදර හිත නිසලයි//

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා දුක් නිවිලා ජීවිත පහන් සැළේ

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ ආදරේ ආදරේ

කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්, ගීතය මෙතැනින් ගන්න

No comments: