Sunday, September 04, 2011

ඈ ගේ පහසින් මත් වූ -වික්ටර් රත්නායක

ඈ ගේ පහසින් මත් වූ
සුවඳේ -පැටලී-  පාවි හද පියඹා
මේ රෑ
ඉවසුම් නොදේ කැළඹීලා

මී විත මා ලොව යා වෙලා
රෑ අඳුරේ මුලු ගැන්විලා
ඈ ඇසුරේ හද නිවුණා
රහසින් පහසේ පා වෙලා

ඒ නෙත ඒවි ද මා සොයා
මා සතපා මන් මත් කළා
ඒ මොහොතේ හිතට හොරා
දෑසින් කඳුලක් වෑහුණා


වික්ටර් රත්නායක
source