"කිසිම දෙයක් නොමැති තැනකින්
ඕනම දෙයක් ඉපද විය හැකි බව"
යනුවෙන් යෙදූ පද දෙකක් මගේ නිර්මානයක වූයෙන් ඒ ගැන කිසියම් කුහුලක් උපන් කීප අයෙකු විසින් එහි තේරුම කුමක් දැයි මා විමසා තිබුනෙන් ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් මෙතැන් සිට කරමි. ඒ සඳහා එළඹුමක් ලෙස ග්‍රීක මිථ්‍යා කතාවක2 කොටසක් උපුටා ගනිමි.
එක්තරා ග්‍රීක මිථ්‍ය කතාවකට අනුව විශ්වය නිර්මානය වන්නේ කේඕස් (Chaos)1 නැමැති හිස් අවකාශය කාලය පවා නොමැති ශූන්‍යතාවයක සිට ඉබේමය. කේඕස් යනුවෙන් යෙදෙන්නේ ඉංගිරිසියෙන් "වියවුල" නම් වූ සංකල්පය වෙනුවෙනි. මේ කිසිවෙකුගේ සම්බන්ධයකින් තොරව ඉබේ හටගන්නා පෘථිවිය, මුහුද සහ අහස ආකාර වූ පදාර්ථයේ ස්වරූප ත්‍රිත්වයෙන් (ඝණ, ද්‍රව, වායු) ඉන්පසු ඉබේම පහල වන "ගයියා" (Gaia) නම් වූ දෙවඟනක විසින් පෘථිවියේ පාලනය නතු කර ගනී. මේ අහස පොළව සහ මුහුද යන ත්‍රිත්වය නිර්මානය වන බලවේගය ග්‍රීක මිථ්‍යා කතාවට අනුව හිස් බවකි. එනම් කිසිවක් නොමැති අවකාශයෙන් මේ ත්‍රිත්වය හෙවත් පදාර්ථය හට ගත් බවයි ඉන් කියැවෙන්නේ.
උපුටා ගැනුම ඇරඹුම:
"Before there was land or sea, people or gods, nothing existed, except Chaos. Chaos was a space of neither order nor disorder. During Chaos’s reign, there was no organization of any kind in the universe. There was no sun or moon. There were no mountains or rivers, nor any such features on earth. In fact, there was no earth at all. It was a period of vast emptiness. Even time did not exist. Eventually, Chaos divided itself into the earth, the sky, and the sea. When the division was complete, everything was peaceful and perfect.
After Chaos divided into the earth, sky, and sea, one goddess came into being without being born to any mother. Her name was Gaia, which means earth, and she took control over the earth as it took shape. Mountains became separate from the plains, and rivers and oceans were formed. Like an artist at a canvas, Gaia was busy creating a beautiful masterpiece. Soon, however, the goddess began to long for children to help populate and rule this magnificent new world."
(2: page 19)
උපුටා ගැනීම අවසන්.
කිසිම දෙයක් නැති තැනකින් යම් කිසි දෙයක් හට ගන්නේ කෙසේද? හිස් අවකාශයෙන් පදාර්ථය උපදවා ගත හැකි ද?
මෙයට පිළිතුරක් භෞතික විද්‍යාවට ඇතැයි සමහරෙක් නොසිතනු ඇති. නමුත් භෞතිකයේ ක්වොන්ටම් අතු විසින් එයට පිළිතුරු සම්පාදනය කර ඇති බැව් පෙනේ.
කිසිවක් නොමැති හිස් අවකාශයෙන් පදාර්ථ හට ගැනීම පැහැදිලි කර ගැනීමට ක්වොන්ටම් භෞතිකය උපයෝගී කර ගන්නේ හයිසන්බර්ගේ අවිනිශ්චිතතාව පිළිබඳ මූලධර්මය යි. හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතාව පිළිබඳ මූලධර්මය කිමැයි වටහා ගැනුමෙන් එය උපයෝගී කර ගෙන හිස් අවකාශයෙන් පදාර්ථය නිර්මානය වූයේ කෙසේදැයි වටහා ගන්නට උත්සහ කරමු.
මෙබඳු යාන්ත්‍රණයකට මූල බීජය සැපයීමට සමත් යාන්ත්‍රණයක් ලොවට හෙලිදරව් කිරීමෙන් 1949 දී නොබෙල් තෑග්ගෙන් පුදනු ලැබූවේ ජපන් ජාතික හිදෙකි යුකාවා ය. යුකාවා ගේ අදහස වූයේ පරමාණුක න්‍යශ්ටියේ පවතින ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අතර දැඩි බලය ගොඩ නගන්නේ මීසෝන නම් වූ අතිශය කෙටි ආයුෂ කාලයක් පවතින අංශුවක් විසින් බවයි. එම අංශුව යුකාවා ට අනුව නිර්මානය වන ක්‍රම වේදය සැබැවින්ම පුදුමාකාරය. එම අංශුව නිර්මානය වන්නේ අතිශය කුඩා කාලයකට හිස් අවකාශයෙන් ණයට ගන්නා අතිවිශාල ශක්තියක් උපයෝගී කරගෙනය. මෙබඳු ශක්ති ප්‍රමාණයක් හිස් අවකාශයෙන් ඉතා කෙටි කාල පරාසයකට ශක්ති සංස්ථිති නියමය බිඳ හෙලා ලබා ගත හැකි බැව් සාධාරණ වන්නේ එය හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයට පටහැනි නොවන බැවිනි. හයිසන්බර්ග්ට අනුව කිසියම් ක්වොන්ටම් පද්ධතියක ශක්තිය සහ කාලය අතර ගුණිතය අතර සම්බන්ධය ද කිසියම් අංශුවක ගම්‍යතාවය සහ එහි පිහිටුම අතර ගුණිතය දක්වන සීමාකාරී මිනුම මෙන්ම සමමිතික ගුණ පෙන්වයි. අප වඩාත් හුරුව ඇත්තේ කිසියම් අංශුවක ගම්‍යතාවය සහ එහි ස්ථානීය පිහිටුම යන රාශීන් දෙකම එක විට නිරවද්‍ය ලෙස මිනුම කළ නොහැක්කක් ලෙස හෝ එකක් වඩාත් නිවැරදිව මිනුමට ලක් කරද්දී අනෙක් රාශිය වඩ වඩාත් දෝශ සහගත වන බවයි. මෙම සත්‍යය ශක්තිය සහ කාලය අතර ද පවතින බැව් හයිසන්බර්ගේ අවිනිශ්චිතතාව පිළිබඳ මූලධර්මයේ අන්තර්ගතය.
භෞතිකයට පරමාදර්ශයක් වන ශක්ති සංස්ථිතිය භෞතික විද්‍යාවේ ඇති ප්‍රබල සංස්ථිති මූලධර්මයකි. එයට අනුව ශක්තිය විනාශ කිරීම හෝ මැවීම කළ නොහැකි බැවින් මීසෝන නිපදවා ගන්නා ශක්තිය කිසිවක් නොමැති අවකාශයෙන් මවා ගන්නේ කෙසේද යන්න ගැටළුවක් වුව ද හයිසන්බර්ගේ අවිනිශ්චිතතා මූලධර්මය අනුව අතිශය ක්ෂුද්‍ර කාල අන්තරයකට අති විශාල ශක්ති ප්‍රමාණයක් මවා ගැනීමට ක්වොන්ටම් ලෝකයේ දී හැකියාව ලැබේ. මෙනයින් අංශුවක් නිර්මානය කර ගැනීමට ප්‍රමාණවත් ශක්තියක් මවා ගැනීමෙන් අයින්ස්ටයින්ගේ සුප්‍රකට පදාර්ථ හා ශක්ති අතර සබැඳි සමීකරණය වන E=mc^2 අනුකූලව ස්කන්ධයකින් යුත් අංශුවක් බවට මීසෝනය පත් වේ. පසුකාලීනව මෙම අංශුව පයොන් ලෙස හැඳින්වේ. මෙය හුදෙක් මීසෝනවලට පමණක් අදාල වන්නේ යැයි කිව නොහැකි තරම් අපූර්වතම සංසිද්ධියකැයි මම සිතමි. මහා පිපිරුමට ඇවැසි වූ ඒසා විශාල ශක්තිය ද මෙයාකාර වූ අවකාශයෙන් ණයට ගත් තත් ක්ෂණයක ශක්තියක් ද? එනයින් ග්‍රීක හෝ වෙනත් මිථ්‍යා කතාවක එන පරිදි හිස් අවකාශයෙන් සියල්ල උපන්නේ යැයි පැවසෙන අදහස හුදු මිථ්‍යාවක් වන්නේ හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතාව පිළිබඳ මූලධර්මය නොපවතින භෞතිකයකැයි මම සිතමි.
ආශ්‍රිත නිර්වචන/ලිපි/ග්‍රන්ථ සහ වෙබ් අඩවි:
1 Chaos:(Greek mythology) the most ancient of gods; the personification of the infinity of space preceding creation of the universe
2 GODS AND GODDESSES IN GREEK MYTHOLOGY by Michelle M. Houle
3 https://teachers.web.cern.ch/teachers/archiv/HST2002/feynman/Pion%20exchange.pdf
4 http://www.nobelprize.org/nobel_prizes/physics/laureates/1949/
වචන ටැක්සියේ පළ වන ලිපි ලේඛනවලට අදාල හෝ අදාල නොවන තැනින් තැනින් උපුටා ගත් දේවල් මෙහි අසුරා ඇත.
Friday, August 17, 2012
Sunday, January 29, 2012
සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි//
නිවි නිවි දැල්වෙන රිදී පහන් වැට//
අඳුර සමග ගැවසේ...
එලිය සෙමෙන් මියැදේ
සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි//
හංස නෙතක රැඳී කඳුලක් ගිලිහේ//
හංස විලම කැළතේ//
හංස විලම කැළතේ...
ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ "හංස විලක්" සිනමා පටයෙන් නන්දා මාලිනී ගායනා කළ ගීතයක්...
Saturday, October 22, 2011
(වික්ටර් රත්නායක)
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ//
(එම් එස් ප්‍රනාන්දු)
බමරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි ඈ වෙලී රැඟූවේ//
සඳවත පරයන පුංචි කැකුළු මල එනු බොමු ජය පානේ
(එච් ආර් ජෝතිපාල)
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ ආදරේ ආදරේ
අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ හඳ පායාපන්නේ
නුරා රැඟුම් ලොල් හදවත් සසළයි ආදර හිත නිසලයි//
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා දුක් නිවිලා ජීවිත පහන් සැළේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ ආදරේ ආදරේ
කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්, ගීතය මෙතැනින් ගන්න
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ//
(එම් එස් ප්‍රනාන්දු)
බමරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි ඈ වෙලී රැඟූවේ//
සඳවත පරයන පුංචි කැකුළු මල එනු බොමු ජය පානේ
(එච් ආර් ජෝතිපාල)
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ ආදරේ ආදරේ
අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ හඳ පායාපන්නේ
නුරා රැඟුම් ලොල් හදවත් සසළයි ආදර හිත නිසලයි//
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා දුක් නිවිලා ජීවිත පහන් සැළේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ ආදරේ ආදරේ
කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්, ගීතය මෙතැනින් ගන්න
Sunday, September 04, 2011
ඈ ගේ පහසින් මත් වූ -වික්ටර් රත්නායක
ඈ ගේ පහසින් මත් වූ
සුවඳේ -පැටලී- පාවි හද පියඹා
මේ රෑ
ඉවසුම් නොදේ කැළඹීලා
මී විත මා ලොව යා වෙලා
රෑ අඳුරේ මුලු ගැන්විලා
ඈ ඇසුරේ හද නිවුණා
රහසින් පහසේ පා වෙලා
ඒ නෙත ඒවි ද මා සොයා
මා සතපා මන් මත් කළා
ඒ මොහොතේ හිතට හොරා
දෑසින් කඳුලක් වෑහුණා
වික්ටර් රත්නායක
source
සුවඳේ -පැටලී- පාවි හද පියඹා
මේ රෑ
ඉවසුම් නොදේ කැළඹීලා
මී විත මා ලොව යා වෙලා
රෑ අඳුරේ මුලු ගැන්විලා
ඈ ඇසුරේ හද නිවුණා
රහසින් පහසේ පා වෙලා
ඒ නෙත ඒවි ද මා සොයා
මා සතපා මන් මත් කළා
ඒ මොහොතේ හිතට හොරා
දෑසින් කඳුලක් වෑහුණා
වික්ටර් රත්නායක
source
Subscribe to:
Posts (Atom)